දේශීය

අදත් තැන තැන වැසි

ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය.

 

අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදේ කාලයේදීද වැසි ස්වල්පයක් ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

 

අද දින (05) දහවල් 12:13 ට තල්පේ, වැලිපිටිය සහ තිහගොඩ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

 

Related posts

රන් මිල සීඝ්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අහෝසි කිරීමේ තීරණයක්…?

Editor O

රවී කරුණානායක ඇතුළු 8 දෙනා ලබන 23 තෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment