දේශීය

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිතව තිබේ.

 

අද පෙරවරු 9.00යේ සිට පෙරවරු 10.00 දක්වා ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස පිහිටි විශේෂ උත්සව ශාලාවේ තැන්පත් කර තැබීමට නියමිතය.

 

මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

1941 වර්ෂයේ සැප්තැම්බර් 15 වන දින උපත ලැබූ ජෝශප් මයිකල් පෙරේරා මහතා මෙරට පාර්ලිමේන්තුවේ 17 වන කථානායකවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

Related posts

පළාත් සංචරණ සීමා අඛණ්ඩව – යුද හමුදාපති

Mohamed Dilsad

උපකාරක පන්ති ආරම්භය ගැන විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment