දේශීය

අර්ජුනට ඉල්ලා අස්වෙන්නැයි ක්‍රීඩා ඇමති උපදේශකගෙන් දැනුම්දීමක්

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා ලිඛිතව දැනුම්දිමක් සිදුකර තිබේ.

 

ඊයේ (29) දිනයේ දී අදාළ දැනුම්දිම සිදුකර ඇති බව වාර්තා වේ.

 

ඊයේ පස්වරු 2.00ට ජාතික ක්‍රිඩා සභාව රැස්වීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙක් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වී නොමැති බව සඳහන්ය.

 

ඒ පිළිබඳව විමතියට පත් නොවන ලෙසත් අප සියලුදෙනාම ඔබව තවදුරටත් ජාතික ක්‍රිඩා සභාවේ සභාපති වශයෙන් පිළිනොගන්නා බවත් සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.

 

 

Related posts

ශ්‍රී පාද රක්ෂිතයේ මැණික් ගැරූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

අලි ගැටපේර හා පිටිකළ වට්ටක්කා ජෝර්දානයට යැවීමට පියවර

Mohamed Dilsad

අද කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment