දේශීය

අත්දෙක කැපූ කඩුව සොයාගනී

මොරටුවේ දී පුද්ගලයෙකු ගේ අත්දෙක කැපූ කඩුව එගොඩඋයන මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබී අද (26) පෙරවරුවේ සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ කොට්ඨාසය පවසයි.

 

පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා තමාට පහරදුන් පුද්ගලයාගේ අත්දෙක කපා රැගෙන ගිය අයකු පිළිබඳ පුවතක් මොරටුව ප්‍රදේශයෙන් පසුගිය දා වාර්තා වුණි.

 

කෙසේවෙතත් අදාළ පහරදීම සිදුකළ පුද්ගලයා පසුගිය මාර්තු මස 24 වනදා නීතිඥයෙකු මාර්ගයෙන් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබුණි.

 

සැකකරු විසින් පසුගිය 21 වනදා මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා මෙලෙස අදාළ පුද්ගලයාගේ අත්දෙක කපා රැගෙන ගොස් තිබුණි.

 

එම පහරදීමෙන් අනතුරුව පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ දෙඅත් මැණික් කටුව ප්‍රදේශයෙන් කපා ඉවත්කොට රැගෙන ගොස් තිබේ.

 

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 40ක එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

 

ඔහු මීට පෙර ද පුද්ගලයෙකුගේ අතක් වෙන්වනසේ කපා දමා ඇති අතර පසුව රෝහලේදී එම අත බද්ධ කර තිබුණි.

 

ඒ හේතුවෙන් මෙම පුද්ගලයාගේ දෙඅත් කපා සැකකරු එම කොටස් රැගෙන යන්නට ඇති බව පොලීසිය සැක පළ කළේය.

 

කෙසේවෙතත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, අත්දෙක මුහුදට විසි කළ බවය.

 

Related posts

නව ජල සම්පාදන රාජ්‍ය ඇමති දිවුරුම් දෙයි

Mohamed Dilsad

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක්

Mohamed Dilsad

සියළුම ගුරුවරු වෙනුවෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment