දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) සවස්කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම්ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති වියහැකි බවය.

 

උතුරු මැද සහ ඌව පළාත්වලත් මහනුවර නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

මෙරට කොරෝනා මරණ ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

කොළඹ නගරාධිපති සමගි ජන බලවේගයෙන්.

Editor O

Leave a Comment