දේශීය

බස් ගාස්තු සංශෝධනය වෙන්නෙ මෙහෙමයි

ඉදිරියේදී බස් ගාස්තු අඩුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මිල සූත්‍රයකට අනුව බස් ගාස්තු සංශෝධනය වන බවය.

 

“දැන් ප්‍රවාහන ගාස්තු අඩුවෙන්න පුළුවන්. මොකද විනිමය අනුපාතය ස්ථාවර වුණොත් ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩු වුණොත් අපේ ඉන්ධන පිරිවැය අඩු වෙනවා. ඒ වගේම අනෙකුත් අමතර කොටස් සහ ආනයනය කරන දේවල පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙන්න පුළුවන්. මිල සූත්‍රයකට අනුවයි බස් ගාස්තුව අඩුවෙන්නේ. කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකරන්න පුළුවන් වෙන ආකාරයේ මිල අඩුවීමක් වෙයි කියලා. ඒ මිල සූත්‍රයකට අනුව ඇත්තවශයෙන්ම මිල අඩුවෙනකොට අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලැබෙනවා. ඒ වගේම ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවෙනකොට ඒ වැඩි වෙන අවස්ථාවේදී වැඩිවීමක් සිදු වෙනවා.”

 

මේ අතර එළඹෙන අ‌ලුත් අවුරුදු සමය වෙනුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම මාර්ග දෙපස වෙළෙඳාම් කටයුතු සිදුකිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව ලබාදෙන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Related posts

සඳ ගැන අලුත් තොරතුරු කිහිපයක් අනාවරණය වෙයි

Editor O

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයින් 116 දෙනෙක් ඉවත් කරලා.

Editor O

‘ඩිසල් නැවට මුදල් ගෙවයි’ – බලශක්ති ඇමති

Mohamed Dilsad

Leave a Comment