දේශීය

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගැන විශේෂ සාකච්ඡාවක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරේහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසයි.

 

එහි සභාපති අශෝක රංවල මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිත බවය.

 

“පාඩු ලබන තෙල් සංස්ථාව, ජනතාව මත අසීමිත බරක් පටවලා අද වෙනකොට ලාභ ලබන මට්ටමට ගෙනැල්ලා තියෙනවා. දැන් මේ ඇමතිවරයාම උත්සහ කරනවා මේ ආයතනය පෞද්ගලික කරන මුවාවෙන් තමන්ගේ හිතවත් සමාගම් වලට මේක මංකොල්ලයක් විදියට දීලා දාන්න. ඒක නිසා ඛනිජ තෙල් සේවකයෝ විදියට අපේ වෘත්තීය සමිතිය තීරණය කළා සියලුදෙනාම එකාවන්න එකතු වෙලා අද දවසේ අපි මේ ගැන කතා කරලා තීරණය කර ගන්නේ කොහොමද මේ අත්තනෝමතික අදූරදර්ශී මේ රාජ්‍ය දේපළ පවරා ගන්න උත්සහය පරාද කරන්නේ කියලා. කරන්න පුළුවන් උපරිම බලපෑම කරලා රටේ ජනතාවගේ දේපළක් හැටියට ඛනිජ තෙල් සංස්ථාව බේරා ගන්න අපි කටයුතු කරනවා

Related posts

පරීක්ෂාවකින් තොරව කන්ටේනර් මුදාහැරීම ගැන විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor O

සරසවි සිසුවියගේ මරණය ගැන තවත් තොරතුරු

Mohamed Dilsad

ලබන 07 වනදා දක්වා පාසැල් යළි වැසෙයි

Mohamed Dilsad

Leave a Comment