දේශීය

පල්ලෙකැලේ සිටි රැඳවියෙක් මහවැලි ගඟට බිලිවෙයි

පල්ලෙකැලේ එලිමහන් කඳවුරේ සිටි රැඳවියෙකු මහවැලි ගඟේ ගිලීමෙන් අතුරුදන්ව තිබේ.

 

පොලීසිය පැවසුවේ අදාළ රැඳවියා අත්අඩංගුවෙන් මිදී පළායාම සඳහා මහවැලි ගඟට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

 

අතුරුදන් වූ රැඳවියා 34 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

හොරොයින් ළඟතබා ගැනීමේ වදරකට බන්ධනාගාර ගතව අදාළ රැඳවියා පුනුරුත්ථාපනය වෙමින් සිටි අයෙකු බව පොලීසිය පැවසුවේය.

 

පොලීසියේ සහ නාවික හමුදාවේ සහය ඇතිව රැඳවියාගේ සිරුර සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related posts

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා උපදෙස්

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි

Editor O

ශානිව පත් කිරීම සිදු නොවිය යුතු දෙයක්” – සාගර කාරියවසම්

Editor O

Leave a Comment