දේශීය

පල්ලෙකැලේ සිටි රැඳවියෙක් මහවැලි ගඟට බිලිවෙයි

පල්ලෙකැලේ එලිමහන් කඳවුරේ සිටි රැඳවියෙකු මහවැලි ගඟේ ගිලීමෙන් අතුරුදන්ව තිබේ.

 

පොලීසිය පැවසුවේ අදාළ රැඳවියා අත්අඩංගුවෙන් මිදී පළායාම සඳහා මහවැලි ගඟට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

 

අතුරුදන් වූ රැඳවියා 34 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

හොරොයින් ළඟතබා ගැනීමේ වදරකට බන්ධනාගාර ගතව අදාළ රැඳවියා පුනුරුත්ථාපනය වෙමින් සිටි අයෙකු බව පොලීසිය පැවසුවේය.

 

පොලීසියේ සහ නාවික හමුදාවේ සහය ඇතිව රැඳවියාගේ සිරුර සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related posts

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

හංගේරියානු විදේශ ඇමති අද ලංකාවට

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment