දේශීය

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින වෙනස් වෙයි

එළඹෙන අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

 

ඒ අනුව මාර්තු 28, 29, 30, 31 හා අප්‍රේල් 03 යන දිනවලදී සිදුකිරීමට සැලසුම් කර තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු එදින සිදු නොකෙරෙනු ඇති.

 

මීට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉදිරි කාලයේ තීරණයකට එළඹෙනු ඇති බවද කොමිසම නිවේදනය කරයි.

Related posts

වර්ෂාවත් සමඟ කොළඹ අවට දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

කටුනායකට පැමිණි ගුවන් යානා 06ක් ආපසු හරවා යවයි ; ගුවන් යානා බලාපොරොත්තුවෙන් සිටින මගීන්ට දැනුම්දීීමක්

Editor O

ඛණිජතෙල් සංස්ථාවේ ආදායම සියයට 26%කින් අඩුවෙලා

Editor O

Leave a Comment