දේශීය

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින වෙනස් වෙයි

එළඹෙන අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

 

ඒ අනුව මාර්තු 28, 29, 30, 31 හා අප්‍රේල් 03 යන දිනවලදී සිදුකිරීමට සැලසුම් කර තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු එදින සිදු නොකෙරෙනු ඇති.

 

මීට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉදිරි කාලයේ තීරණයකට එළඹෙනු ඇති බවද කොමිසම නිවේදනය කරයි.

Related posts

“ගුරු-විදුහල්පතිට උපරිම විසඳුම දුන්නා” – අගමැති

Mohamed Dilsad

ලංවීම සභාපති ඉල්ලා අස්වෙයි.

Editor O

ලොඩියා නමැති විෂ සත්ත්වයා නැගෙනහිරින් දකුණු මුහුදට

Mohamed Dilsad

Leave a Comment