දේශීය

රාජ්‍ය සේවක වැටුප හා විශ්‍රාම වැටුප ගැනත් තීරණයක්

යම් යම් සීමාවන්ට යටත්ව උද්ධමනයට සරිලන ලෙස ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනස් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා පැවසීය.

 

අද (22) පාර්ලිමේන්තුවේ දී IMF විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳ අදහස් දක්වමින්, රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමේ දී ගන්නා පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියේය.

 

රාජ්‍ය වියදම් කළමනාකරණය …..

 

*රජයේ වියදම් සඳහා ලබාදෙනවා ප්‍රතිපාදන වැඩිකිරීමට පියවර.

*ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළ උද්ධමනයට සරිලන ලෙස වැටුප් හා විශ්‍රාම වැටුප් ගැලපීම.

*ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන් ඉවත් කරනවා.

*ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණයි.

*සෑම 6 මසකට වරක්ම විදුලිබිල ගැලපීමට පියවර ගන්නවා.

*මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රීලන්කන් ගුවන් සේවය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලිබල මණ්ඩලය ආයතනවල ශේෂපත්‍ර යළි සකස් කරනවා.

*ස්වෛරීය ඇපකර මත ලබාගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කිරීම.

Related posts

එළාර නැවත ඉපදිලා ජාතියෙන් පළිගන්නවා | ආගමික භක්තිවන්ත ක්‍රියාදාමය තීරණය කරන්න ලොන්තපොල්ට බෑ – හිටපු ඇමති විමල් වීරවංශ

Editor O

මැනිං පොදු වෙළඳපොල අද විෂබීජහරණයට

Mohamed Dilsad

ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වන්නේ නැහැ

Mohamed Dilsad

Leave a Comment