දේශීය

තවත් ප්‍රබල භූකම්පනයක්

උතුරු ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපකයේ 6.5ක භූකම්පනයක් සිදුව තිබේ.

 

විදෙස් මාධ්‍ය පවසන්නේ හින්දු කුෂ් කඳුවැටිය ආශ්‍රිතව බදක්ශාන් ප්‍රදේශයේ එම භූකම්පනය හටගෙන ඇති බවය.

 

එම කම්පනය පාකිස්තානයේ උතුරු ප්‍රදේශයටද දැනී ඇති අතර නිවසක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර භූකම්පනයෙන් තවත් 300ක් පමණ දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.

 

භූකම්පනයෙන් ඇෆ්ගනිස්තානයට සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

 

මෙහි කම්පනය ඉන්දියාවට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ගාලු කොටුවේ ටිකට් කඩන්නේ නැහැලු

Mohamed Dilsad

මිල්ටන් සුළි කුණාටුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රදේශයට දැඩි හානි.

Editor O

ඇමෙරිකාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට කඩුලු 09ක ජයක්

Editor O

Leave a Comment