දේශීය

බිත්තර කතාවේ අලුත්ම තත්ත්වය

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය නැව්ගත කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

 

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ බිත්තර තොගය ඊයේ (20) දිනයේ බහාලුම් ගත කිරීමට පියවර ගත් බවය.

 

ඒ අනුව ඉන්දියාවේ තූත්තිකුඩි වරායේ සිට අදාළ බිත්තර තොගය දිවයිනට රැගෙන ඒමට සැලසුම් කර තිබේ.

 

පළමු තොගය ලෙස බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර මෙම බිත්තර ආනයනය කිරීම අවස්ථා කිහිපයකදීම කල් දැමීමට සිදුවුණි.

 

ආනයනය කිරීමෙන් අනතුරු බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා එම බිත්තර ලබාදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව පාක්ෂිකයන් වෙනුවෙන් වැදගත්ම තීරණයක් ගනී – තණකොළ මිල පහළ දමයි

Editor O

විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment