දේශීය

වෙඩි වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පොතුහැර පොලිස් වසමේ කන්දෙවත්ත ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස වෙඩිවැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ති‌බේ.

 

ඊයේ (19) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පැවසීය.

 

එසේ මියගොස් ඇත්තේ, 35 හැවිරිදි පනාපිටිය, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මීට දින 05කට පමණ පෙර මොරගොල්ල වත්ත නැමති ඉඩමේ කම්කරුවෙකු ලෙස සේවයට පැමිණි මරණකරු ඊට යාබද කන්දේවත්ත නැමැති ඉඩමේ කැලෑබද ප්‍රදේශයක විදෙස් රටක නිෂ්පාදිත පතරොම් තුවක්කුවක් මතට තුවාල සහිතව මුණින් අතට වැටී සිටියදී සොයාගෙන ඇත.

 

මේ සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශනයේදී මරණකරු ආසන්නයේ වෙඩිවැදී මියගොස් සිටි ඉත්තෑවෙකුගේ මළ සිරුරක් හමුවී ඇති අතර තවද විදුලි පන්දමක්, ජංගම දුරකථනයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

 

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇත.

 

මෙම මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පොතුරහැර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

 

 

Related posts

විදුලි බිල වැඩි වෙනවද? – මෙන්න තීරණය

Mohamed Dilsad

අයවැය කතාව අතරතුර අගමැති අසුන් ගනී

Mohamed Dilsad

බිත්තර ගැන කතා කරමු! සංගම් රජයට කියයි

Mohamed Dilsad

Leave a Comment