දේශීය

පරිපාලන ලේකම්ට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ කැඳවීමක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා හට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ කැඳවීමක් සිදුකර තිබේ.

 

අද (20) උදෑසන ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස එහිදි දැනුම් දී ඇත.

 

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය, වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් “අද දෙරණ” රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ගෙන් විමසීමක් සිදුකළේය.

 

එහිදී ඔහු පැවසුවේ තමා රාජ්‍ය පරිපාලනය ලේකම් ධුරයෙන් ඉවත් කර ඇති බවට නොදන්නා නමුත් අද දිනයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර ඇති බවය.

 

කෙසේවෙතත් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඔහුට එම කාර්යාලයේ නව වගකීමක් භාරදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

 

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර නොගන්නා ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් මඟින් දැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීල් බණ්ඩාර හපුහින්න මහතා පසුගිය කාලයේ දැඩි විවේචනයට ලක්වුණි.

 

එහිදි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ලෙස ඔහුට මැතිවරණ කොමිසමෙන් සමාව ගැනීමට පවා සිදුවු අතර එහිදි ලේකම්වරයා පවසා සිටියේ එම ලිපිය නිකුත් කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩලය ගත් තීන්දුවකට අනුව බවය.

 

 

Related posts

නව ආසාදිතයින් 528ක්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වැඩ වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment