දේශීය

යාත්‍රාවක් තුළ ධීවරයෙක් මියයෑම ගැන පොලිස් විමර්ශන

දික්ඕවිට ධීවර වරායේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් වත්තල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

පොලීසිය ප්‍රකාශ කළේ එම පුද්ගලයා තවත් පුද්ගලයින් 05 දෙනෙකු සමග පෙබරවාරි මස 03 වනදා මසුන් ඇල්ලීම සඳහා පිටව ගොස් ඇති බවය.

 

එහිදී අදාළ පුද්ගලයාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් යාත්‍රාව නැවත හරවා වරාය දෙසට පැමිණෙමින් තිබියදී පසුගිය 16 වනදා දහවල් කාලයේ යාත්‍රාව තුළදීම ඔහු මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.

 

මියගොස් ඇත්තේ 65 හැවිරිදි කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව වාර්තා වේ.

 

මළ සිරුර රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්වාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය

Related posts

කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

රඳවා ගැනීමේ බදු 10% දක්වා වැඩි කිරීමෙන් බැංකු ස්ථාවරa තැන්පතු ඉවත් කර ගැනීමට ජනතාව පෙළඹිලා

Editor O

කොළඹ නගර සභාවේ බලය ගන්න, කරපු සාකච්ඡාවල ප්‍රගතිය ගැන අනාවරණයක්

Editor O

Leave a Comment