Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගර සභාවේ බලය ගන්න, කරපු සාකච්ඡාවල ප්‍රගතිය ගැන අනාවරණයක්

කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගය ඉදිරිපත් කරන නගරාධිපතිවරයා රිසා සරුක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි. තවද කොළඹ මහ නගර සභාවේ උප නගරාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.

මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කළේ, “අපි මේ වෙනකොට සාකච්ජා කරලා ප්‍රගතියක් හා සාර්ථකත්වයක් අපි ලබා තිබෙනවා. අපි විශ්වාස කරනවා අපිට (16) වැනිදා සභිකයින් කැදවා කොළඹ නගර සභාවේ පුරපති පත් කරන ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්න පුළුවන් තත්වයක් උදාවෙලා තියෙනවා.

දැන් අපි කොළඹ නගර සභාවේ පුරපති හැටියට එතුමාගේ නම පක්ෂය විසින් යෝජනා කර තිබෙනවා. ඒ ගැන ගැටලුවක් නෑ. උප නගරාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කරයි, කවුද උප නගරාධිපතිවරයා කියන එක.”

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව සඳහන් කළේය.

Related posts

Drug dealer Thel Baala’s body brought to the island

Mohamed Dilsad

One Touch launches in Sri Lanka, aims to revolutionize the Sri Lankan TukTuk and Taxi industry

Mohamed Dilsad

Seven Sri Lankan fishermen released by Tamil Nadu Court

Mohamed Dilsad

Leave a Comment