දේශීය

කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 8 සිට අනිද්දා අලුයම 2 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට එලෙස පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටු වන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

Related posts

සුව වූ ආසාදිතයින් ඉහළට

Mohamed Dilsad

බැසිල් ඇතුළු තිදෙනා දිවි නැගුම නඩුවෙන් නිදහස්

Mohamed Dilsad

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ජනාධිපති අතර ද්විපාර්ශවීය සාකච්ඡා අරඹයි

Mohamed Dilsad

Leave a Comment