ක්‍රීඩා

දිමුත්ගෙන් තවත් අර්ධ ශතකයක්

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී සිය 32 වන අර්ධ ශතකය වාර්තා කිරීමට නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබේ.

 

ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ දිමුත් කරුණාරත්න දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 51කි.

 

තරගයේ දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මිට ටික වේලාවකට පෙර කඩුලු 2ක් දැවි ලකුණු 113ක් ලබා සිටියේය.

 

නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 04ක් දැවී ලකුණු 580ක් රැස්කළ අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබාගත හැකිවුයේ ලකුණු 164ක් පමණි.

Related posts

ලෝක කුසලානයට යන අපේ කණ්ඩායම අද පිටත්වූ හැටි(වීඩියෝ)

Mohamed Dilsad

කොදෙව් සංචිතයට නම්කල කිසිවෙකුටත් කොවිඩ් නොමැති බව තහවුරු වෙයි

Mohamed Dilsad

ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය දඹුල්ලේදී ඇරඹේ – නොමිලේ නැරඹීමට අවස්ථාව

Editor O

Leave a Comment