දේශීය

බූරු මුණා ට පනින්න උදව් කළ තවත් 4ක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළ පොලීස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකුට අත්අඩංගුවෙන් පළායාම සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවේ සිටියදී පසුගිය 24 වනදා පළාගොස් තිබුණි.

 

ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම, රැකවරණය සලසා දීම, ආහාර පාන පහසුකම් ලබාදීම ඇතුළු චෝදනා මත සෙසු සැකකරුවන් ඊයේ (13) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

 

එම සැකකරුවන් කටුවැල්ලේගම, මීගමුව, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

 

මීට අමතරව සැකකරුවන් භාවිත කළ මෝටර් රථ 02ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

 

Related posts

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය UGC යටතට – ජනපති කියයි

Mohamed Dilsad

එන්නත් මාත්‍රා තේරීමකට කාලය නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Mohamed Dilsad

අලුත් පාර්ලිමේන්තුව අරඹන දිනය මෙන්න

Mohamed Dilsad

Leave a Comment