දේශීය

බූරු මුණා ට පනින්න උදව් කළ තවත් 4ක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළ පොලීස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකුට අත්අඩංගුවෙන් පළායාම සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවේ සිටියදී පසුගිය 24 වනදා පළාගොස් තිබුණි.

 

ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම, රැකවරණය සලසා දීම, ආහාර පාන පහසුකම් ලබාදීම ඇතුළු චෝදනා මත සෙසු සැකකරුවන් ඊයේ (13) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

 

එම සැකකරුවන් කටුවැල්ලේගම, මීගමුව, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

 

මීට අමතරව සැකකරුවන් භාවිත කළ මෝටර් රථ 02ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

 

Related posts

පිටකොටුවේ භූමිතෙල් ලිප් හිඟයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය පැවතියත් නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට බාධාවක් නැහැ

Mohamed Dilsad

මාලිමාවේ 159 ට ම වැඩ වරදී…!: උදය ගම්මන්පිලගෙන් අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්

Editor O

Leave a Comment