දේශීය

රටින් පිටවීමට ගිය වකුගඩු ජාවාරමේ තැරැව්කරු අත්අඩංගුවට

බොරැල්ල පෞද්ගලික රෝහලක සිදුවූ බව කියන වකුගඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු විදෙස්ගතවීමට උත්සාහ කිරීමේ දී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පුද්ගලයින් මුලා කර මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගැනීමේ ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති මෙම පුද්ගලයාට පසුගිය මස 17 වනදා අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණි.

 

කෙසේවෙතත් සැකකරු ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළින් ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යාමට උත්සහ කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

32 හැවිරිදි සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ ජංගම දුරකථන උපාංග අලෙවි කරන අයෙකු වන අතර ඔහු අදාළ රෝහලේ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරමට සහාය වී ඇති බව පොලීසිය පැවසීය.

 

Related posts

පාකිස්තානයේ සංචාරයක නිරත වූ භික්ෂූන් වහන්සේලා යළි දිවයිනට

Mohamed Dilsad

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අද සිට බූස්ටර් මාත්‍රාව

Mohamed Dilsad

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳුදා සිට යළි විවෘතයි

Mohamed Dilsad

Leave a Comment