දේශීය

රටින් පිටවීමට ගිය වකුගඩු ජාවාරමේ තැරැව්කරු අත්අඩංගුවට

බොරැල්ල පෞද්ගලික රෝහලක සිදුවූ බව කියන වකුගඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු විදෙස්ගතවීමට උත්සාහ කිරීමේ දී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පුද්ගලයින් මුලා කර මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගැනීමේ ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති මෙම පුද්ගලයාට පසුගිය මස 17 වනදා අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණි.

 

කෙසේවෙතත් සැකකරු ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළින් ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යාමට උත්සහ කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

32 හැවිරිදි සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ ජංගම දුරකථන උපාංග අලෙවි කරන අයෙකු වන අතර ඔහු අදාළ රෝහලේ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරමට සහාය වී ඇති බව පොලීසිය පැවසීය.

 

Related posts

සහස්දනවි ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරයට කැබිනට් අනුමැතිය දීමේදී වංචාවක් – විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්

Editor O

ඉන්දීය කුල භේදය අමෙරිකාවටත් වදයක් වෙයි – අලුත් නීතියකුත් සම්මත කෙරෙයි

Mohamed Dilsad

පාසල් සිසුන්ට කෝවිඩ්-එන්නත ලබා දීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment