දේශීය

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳුදා සිට යළි විවෘතයි

(UTV | කෝවිඩ් -19) – මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය ලබන සඳුදා සිට යළි විවෘත කිරිමට තීරණය කර තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

ඒ ආණ්ඩුකාර කාර්යාලය තාවකාලික වසා දැමීමට පාදක වූ නාවික හමුදා සෙබලාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වීමත් සමඟයි.

ආණ්ඩුකාර කාර්යාලයේ සේවයට පැමිණි අයෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි සෙබලෙකුගේ ඥාතියෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව එම ආණ්ඩුකාර කාර්යාලය තාවකාලිකව වසා දැමීමට ඊයේ පියවර ගැණුනි.

Related posts

රජයෙන් වී මෙට්‍රික් ටොන් 15,000ක් මිලදී ගනී : රටේ සහල් අවශ්‍යතාවයෙන් දින දෙකකට ප්‍රමාණවත්

Editor O

කොරෝනා පිලිබඳ අසත්‍ය ප්‍රචාර පළ කෙරු 9 ක් රිමාන්ඩ්

Mohamed Dilsad

බලපත්‍ර රහිත ගිනි අවි රජයට භාර දීම සඳහා සහන කාලයක්

Mohamed Dilsad

Leave a Comment