විදෙස්

භූ කම්පනයෙන් මියගිය පිරිස 3,700 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇතැයි වාර්තා වේ.

 

විදෙස් වාර්තා පැවසුවේ තුර්කියේ 2,300ක් සහ සිරියාවේ 1,444ක් පමණ මරණ වාර්තා වන බවය.

 

දෙරටේම 15,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව අනාවරණය වී තිබේ.

 

ඊයේ (06) අලුයම සිදුවූ රික්ටර් පරිමාණයේ ඒකක 7.8ක භූකම්පනය සහ ඒකක 7.5ක ප්‍රබල පසු කම්පනය හේතුවෙන් තුර්කි – සිරියා දේශසීමාවේ නගර රැසකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

 

ගොඩනැගිලි දහස් ගණනක් බිඳවැටී ඇති අතර මාර්ග ජලනළ සහ ගෑස් නළ ද පිපිරීමට ලක්ව තිබේ.

 

තවදුරටත් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

 

ඒ සඳහා අමෙරිකාව ඇතුළු රටවල් රැසක සහාය හිමව ඇති බව වාර්තා වේ.

 

මේ අතර භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 08 ගුණයකින් පමණ ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

Related posts

චීනයේ සංචාරක තහනම දීර්ඝ වෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ රුපියලත් කඩා වැටේ

Mohamed Dilsad

ඩෙන්මාර්ක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් නියාමනය කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment