දේශීය

වෘත්තිය සමිති 40ක නියෝජිතයින් සහ ජනපති අතර සාකච්ඡාවක්

වෘත්තිය සමිති 40ක නියෝජිතයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (25) පෙරවරුවේ ආරම්භ කෙරුණි.

 

අද පෙරවරු 10.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව ආරම්භවී තිබුණි.

 

ඒ, රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

 

වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ සාමාජික වෘත්තිය සමිති 40ක නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්වී තිබේ.

 

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

 

“රජයේ සමස්ථ ආදායමට බලපෑමක් නොවන පරිදි මෙය කළ හැක්කේ කෙසේද? අපි ඉල්ලන ඉල්ලීම් කොච්චර සාධාරණ ද? යන කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුලු මුදල් අමාත්‍යංශය සහ ඒ අදාළ පර්ශ්ව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අද සාකච්ඡාවේදී යම් සාධනීය ප්‍රතිචාරයක් ජනාධිපතිවරයාගෙන් ලැබෙයි කියලා. මොකද ඉදිරි සති කිහිපය ඉතාම තීරණාත්මකයි. මේ වෙනකොට සමස්ථ වෘත්තිකයින් පෙළගැසිලා ඉන්නවා මේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව. ඒ වගේම රටම අකර්මන්‍යවීම නැවැත්වීමට නම් රජය පැත්තෙන් ස්ථිර විසඳුමක් ලැබිය යුතුයි.”

Related posts

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment