දේශීය

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

(UTV | කොළඹ) – කළුබෝවිල ශික්ෂණ රෝහලේ කාර්යය මණ්ඩලයට අයත් සාමාන්‍ය කම්කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව වාර්තා වෙයි.

පසුගිය 15 වැනිදා එම සේවකයා රාජකාරියට පැමිණිමේදී උණ රෝගී තත්ත්වයක් පෙන්නුම් කර ඇති අතර, ඒ අනුව සිදුකල PCR පරීක්ෂණයේදී අදාළ පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

එම සේවකයා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර , වෛරසය ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසුව ඔහු කොස්ගම පිහිටි කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කර ඇත.

එම සේවකයාව සමීපයෙන් ආශ්‍රය කල තවත් රෝහල් සේවකයින් 16 කට පමණ PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇත.

රෝහලේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ද කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

ශ්‍රී ලංකාව හදිසි නීතිය අවභාවිත කරනවා

Mohamed Dilsad

ආදායම් බදු ගෙවන අයට දැනුම්දීමක්

Editor O

මත්පැන් නිෂ්පාදන ආයතන 08ක බලපත්‍රවලට ආණ්ඩුව කරන්න යන දේ

Editor O

Leave a Comment