දේශීය

බිත්තර ආනයනය ට පනවා ඇති බදු සංශෝධනයට පියවර

මෙරට ට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය ලබන සඳුදා දිවයිනට ගෙන ඒමට නියමිතව බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් මෙම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිත බවය.

 

ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02කට ආසන්න ප්‍රමාණයක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

 

මේ අතර බිත්තර ආනයනය සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

 

මුදල් අමාත්‍යාංශය විසින් බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වනද සිට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ආනයනය කිරීමේ දී රුපියලක් දක්වා අඩු කර තිබේ.

 

අදාළ බදු සංශෝධනය මාස තුනක කාලයක් සඳහා වලංගු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරේ

Editor O

”අරගලය නතර කරන්නේ නැහැ” – මහින්ද ජයසිංහ

Mohamed Dilsad

නව පාසල් වාරය අද ඇරඹේ – පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ගැනත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment