දේශීය

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් ට නඩු

පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ තලවකැලේ නගරයේ වෙළෙඳුන් සිව්දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

 

තලවකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට ඇතැම් වෙළෙඳුන් බිත්තර අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම් සිදුකර ඇත.

 

එහිදී අදාළ වෙළෙඳුන් රතු බිත්තරයක් රුපියල් 50කට සහ සුදු බිත්තරයක් රුපියල් 48 කටත් අලෙවි කර තිබේ.

 

ඒ අනුව අදාළ වෙළෙඳුන්ව ඇපකරයක් මත මුදාහැර මේ මස 28 වනදා නුවරඑළිය දිසා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට උපදෙස් ලබාදුන් බව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානී අමිල රත්නායක මහතා පැවසීය.

 

බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගියදා නව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි.

 

එහි දැක්වුණේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙසය.

Related posts

සිංහරාජය මැදින් පාරක් කැපීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම ජනවාරි 23 කැඳවීමට නියෝග

Editor O

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ගොල්ෆෙස් උණුසුම් තත්වය ගැන ඇමරිකානු තානාපතිනිගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment