දේශීය

රාජිතගේ ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම ලබන 11 වනදා

(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ගොනු කර ඇති ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම ලබන 11 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (29) නියෝග කළේය.

එය අද සලකා බැලූණේ, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේයි.

මහාධිකරණය විසින් ඇප අවලංගු කරමින් පසුගිය 13 වැනිදා නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කිරීමට තරම් සාධාරණ හා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කර තිබේ.

එම ප්‍රතිශෝධන අයදුම්පත් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා විසින් අද දිනයේ සිදුකර ඇත.

Related posts

ඔන්ලයින් පනත ගැන ඡන්දයක් | ප්‍රතිඵල මෙහෙමයි

Mohamed Dilsad

චීන ආරක්ෂක ඇමති සහ රජයේ ඉහළ නියෝජිතයන් අතර අද සාකච්ඡා

Mohamed Dilsad

ඇඳිරි නීතිය පැවතියත් නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට බාධාවක් නැහැ

Mohamed Dilsad

Leave a Comment