දේශීය

මෙරට නව ඉන්දීය මහකොමසාරිස්වරයා සහ ජනපති අතර හමුවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

පසුගිය මැයි 14 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු සිය අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන දෙරටේ කැපවීම ජනාධිපතිවරයා ඉන්දියානු නව මහකොමසාරිස්වරයා වෙත නැවත තහවුරු කළහ.

ඉන්දියානු අගමැති මෝදි මහතාගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ මහකොමසාරිස්වරයා කොවිඩ් 19 වසංගතයට එරෙහි සාර්ථක සටනට ජනාධිපති රාජපක්ෂ මහතා ලබා දෙන නිවැරදි නායකත්වය අගය කළේය.

තමන් තෝරාගන්නා ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික ශිෂ්‍යත්වලාභීන්ට තවත් අවස්ථා සලසා දීමට ඉන්දියාව සූදානම් බව මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

කොවිඩ් 19 වසංගතය නිසා උද්ගතව ඇති අභියෝග ජය ගැනීමට කලාපයේ රටවල් අතර අන්‍යොන්‍ය වශයෙන් ඵලදායී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළයුතු බවට ජනාධිපතිවරයා සහ ඉන්දියානු මහකොමසාරිස්වරයා එකඟ වූහ.

 

Related posts

QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට රටපුරා

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 18300 ඉක්මවයි

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම චීනයට ගමන් වාර ගණන සීමා කරයි

Mohamed Dilsad

Leave a Comment