දේශීය

පැහැරගත් පිරිස මුදාගැනීමට මෙහෙයුම් ඇරඹෙයි

පැපුවා නිව්ගිනියාවේදී ප්‍රාණඇපයට ගෙන ඇති පර්යේෂණ කණ්ඩායම මුදාගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

 

ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු සහ එරට විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකුගෙන් යුත් පිරිසක් පැපුවා නිව්ගිනියාවේ කඳුකර ප්‍රදේශයකදී සන්නද්ධ කණ්ඩායමක් විසින් ඊයේ (20) පැහැරගෙන තිබුණි.

 

ආරම්භයේදී විශාල පිරිසක් සන්නද්ධ කණ්ඩායම සිය භාරයට ගෙන තිබූ අතර පසුව ඒ අතර සිටි මඟ පෙන්වන්නන්ව නිදහස් කර තිබුණි.

 

එම පිරිස මුදාහැරීම සඳහා සන්නද්ධ කණ්ඩායම විසින් කප්පම් මුදලක් ඉල්ලා සිටින බවට ඊයේ තොරතුරු වාර්තා විය.

 

කෙසේවුවද පැපුවා නිව්ගිනියානු පොලිස් ප්‍රධානියා ප්‍රකාශකර ඇත්තේ පැහැරගැනීම සිදුකළ පිරිස සමග මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවය.

Related posts

අද මධ්‍යහනේ සිට යළිත් දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ විපක්ෂ නායක අතර ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡාවක්

Editor O

අද මැදියම් රැයේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment