දේශීය

විදුලි බිලට ජනතාවගෙන් මැසිවිලි

විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළකරමින් ඊයේ (17) රාත්‍රියේ සහ අද (18) ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණි.

 

ජනතාව සහ ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලා සිටින්නේ ඉහළ නැංවූ විදුලි ගාස්තු කඩනමින් පහළ දමන ලෙසටය.

 

මේ අතර, විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළකරමින් ඊයේ රාත්‍රියේ ප්‍රදේශ රැසක පන්දම් දල්වමින් ද විරෝධතා පැවැත්විය.

 

ගාල්ල බලපිටිය ප්‍රදේශයේදී දේව කන්නලව්වක් පැවැත්වුණේ විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරමිනි.

 

එමෙන්ම අදත් හඟුරන්කෙත සහ ගාල්ල ප්‍රදේශවලදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව විරෝධතා පැවැත්විය.

 

මේ අතර, විදුලි බිල අඩු කරන්නැයි ඉල්ලමින් ” මගෙන් රටට ” සංවිධානය අද තුන්වැනි දිනටත් කොළඹ මල්පාරේ පිහිටි බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී උපවාසයක නිරත විය.

 

 

Related posts

විදෙස් සංචාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක්

Editor O

විනිසුරුවරු පිරිසක් තනතුරුවලින් ඉල්ලා අස්වීමේ සූදානමක….

Editor O

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment