Trending Newsඑසැන පුවත්දේශීය

විනිසුරුවරු පිරිසක් තනතුරුවලින් ඉල්ලා අස්වීමේ සූදානමක….

චෝදනා හේතුවෙන් සේවයෙන් පහ කිරීමට නියමිතව සිටි විනිසුරුවරුන් පිරිසක්, එවැන්නක් සිදු වීමට පෙර සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඔවුන් මෙලෙස තීරණය කර ඇත්තේ, සේවයෙන් පහ කිරීමෙන් පසු නැවත නීතිඥ වෘත්තියේ නිරත වීම ගැටලු සහගත විය හැකි නිසාවෙනි.

මීට පෙර අධිකරණ සේවා කොමිසමට ලැබුණු පැමිණිලිවලට අදාළව සිදුකළ පුළුල් විමර්ශනවලින් අනතුරුව, මහෙස්ත්‍රාත්වරුන්, දිසා සහ අතිරේක දිසා විනිසුරුවරුන් කිහිප දෙනෙකුගේම සේවය තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර, පසුගිය සතියේදී මහාධිකරණ විනිසුරුවරයකුගේද සේවය අත්හිටුවන ලදි.

මීට පෙරද චෝදනාවක් හේතුවෙන් මතුගම මහෙස්ත්‍රාත්වරියක් සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

Related posts

UPDATE – ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි

Mohamed Dilsad

நாமல் குமார தொடர்ந்தும் விளக்கமறியலில்

Mohamed Dilsad

ஜனாதிபதி முன்னிலையில் புதிய ஆளுநர்கள் ஐவர் நியமனம்

Mohamed Dilsad

Leave a Comment