දේශීය

22 වනදා රටම ඇණ හිටිනවා – වෘත්තීය සංගම්

රජය පනවා ඇති නව බදු සංශෝධනවලට එරෙහිව ලබන 22 වනදා සිට දිවයින පුරා කළු සතියක් ප්‍රකාශයට පත්කිරීමට සියලු ක්ෂේත්‍රවලින් සැදුම්ලත් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ.

 

රජයේ නව බදු සංශෝධන සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ (16) පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී රැස්වී තිබුණි.

 

එම අවස්ථාවට ඛනිජ තෙල්, වරාය, විදුලි, ජල, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් එක්වී තිබේ.

 

එහිදි අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා,

 

“අපි කියන්නේ නෑ අපි බදු ගෙවන්නේ නෑ කියලා. අපි බදු ගෙවන්න සූදානම්. අපි දැනුත් බදු ගෙවනවා. අපි කියන්නේ මේ උද්ධමනයෙන් වෘත්තිකයාගේ බෙල්ලට තොන්ඩුව දාලා තියෙන මේ මොහොතේ ගෙනාව බදු සංශෝධන වහාම අහෝසි කරන්න.”

 

සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා,

 

“ආණ්ඩුව මේ බදු පනත හකුලා ගත යුතුමයි. ආපස්සට හැරෙන්නේ නැහැමයි. ඒ නිසා වරාය වැඩ නැහැ, බැංකු වැඩ නැහැ, තෙල් වැඩ නැහැ, ජලය වැඩ නැහැ, රටම ඇණහිටිනවා.”

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා,

 

“දැවැන්ත වෘත්ති සමිත ක්‍රියාමාර්ග ධාමයක ආරම්භය බවට මාර්තු මාසේ මුල් සතිය පත්වෙනවා. ඉතිහාසයේ මේ රටේ වෘත්තීයවේදීන්ට ද්‍රෝහි වෙච්ච, මේ රටේ ජනතාවට ද්‍රෝහි වෙච්ච ආණ්ඩු ගියේ කුණු බක්කියට.”

 

 

Related posts

මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කරයි

Mohamed Dilsad

තවත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

Editor O

මහ මැතිවරණය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment