දේශීය

සූර්ය පැනල සහිත පෙට්ටියක් ඇඟට වැටී පුද්ගලයෙක් මරුට

සූර්ය බලය ලබාගැනීම සඳහා භාවිත කරන සූර්ය පැනල සහිත අධික බරින් යුත් පෙට්ටියකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

අද (17) සවස මෙම අනතුර සිදුවී තිබුණේ පානදුර මොරවින්න කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවකදීය.

 

කර්මාන්ත ශාලාවකට සවිකිරීම සඳහා කන්ටේනර් රථයකින් මෙලෙස සූර්ය පැනල් සහිත පෙට්ටි තොගයක් රැගෙනවිත් තිබෙන අතර ඒවා ඉන් පිටතට ගැනීමේදී පෙරළීයෑමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

 

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ එම කර්මාන්ත ශාලාවේ සේවය කළ පුද්ගලයෙකි.

 

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.

 

මෙසේ මියගොස් ඇත්තේ මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රොෂාන් නමැති දෙදරු පියෙකි.

 

 

Related posts

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

Editor O

චීන ප්‍රබලයෙක් ලංකාවේ සංචාරයක

Mohamed Dilsad

හිටපු කතානායකවරයෙක් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වන බව කියයි…

Editor O

Leave a Comment