දේශීය

සිව් දෙනෙක් සමග ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ත්‍රීරෝද රථයක් අඩි 700ක පමණ ප්‍රපාතයකට පෙරළී යෑමෙන් අද (17) සවස අනතුරක් සිදුවී තිබේ.

 

ඒ, කොලොන්න දෙනියාය රක්වාන මාර්ගයේ ජම්බුගස්වැටිය ප්‍රදේශයේ දීය.

 

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 62ක පුද්ගලයෙක් සහ වයස අවුරුදු 61ක කාන්තාවක් එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.

 

එම කාන්තාවගේ වයස අවුරුදු 62ක් වන ස්වාමි පුරුෂයා සහ වයස අවුරුදු 24 ක් වන ත්‍රීරෝද රථයේ රියදුරා බරපතළ තුවාල සහිතව කොලොන්න රෝහලට ඇතුළත් කර ඇත.

 

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය සැක කරන්නේ දැඩි බෑවුම් සහ වංගු සහිත මෙම මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම නිසා අනතුර සිදුවන්නට ඇති බවය

Related posts

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැන නීතිපතිට නියෝගයක්

Mohamed Dilsad

සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනාවරණයක්

Mohamed Dilsad

Leave a Comment