දේශීය

ෆේස්බුක් සාදයකදී තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක්

නීතිවිරෝධි අයුරින් සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පානදුර උතුර පොලීසිය විසින් පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අද (04) අලුයම එම වැටලීම සිදුකර තිබුණි.

 

ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදුකළ එම වැටලීමේදී ගංජා, කුෂ් ආදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් බෝතල් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.

 

පොලීසිය සඳහන් කළේ එම සාදය අතරතුර තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් ද වාර්තා වී ඇති බවය.

 

සැකකරුවන් පිරිසක් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන් දෙමව්පියන් ගෙන්වා පොලිස් ඇපමත මුදාහැරීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරීයෙකු පැවසීය.

Related posts

ප්ලාස්ටික් භාණ්ඩ කිහිපයක් ලබන වසරේ සිට තහනම්

Mohamed Dilsad

ගිනි අවියක් රජයෙන් නොදෙන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා, ආරක්ෂාව ට “කඩුවක්” අතට ගනී

Editor O

ආපනශාලා විවෘත කිරීමේ දී ගැටළු පැන නගින බව බේකරි හිමියන් කියයි

Mohamed Dilsad

Leave a Comment