දේශීය

ප්ලාස්ටික් භාණ්ඩ කිහිපයක් ලබන වසරේ සිට තහනම්

(UTV | කොළඹ) – ප්ලාස්ටික් භාණ්ඩ වර්ග කිහිපයක් ජනවාරි 01 වැනිදා සිට තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

කොට්න් බඩ් සඳහා භාවිත කරන ප්ලාස්ටික් බටය, සැෂේ පැකට් සහ කෘමිනාශක අඩංගු කුඩා ප්ලාස්ටික් බෝතල් එලෙස තහනම් කෙරෙන බවත් , ඒ වෙනුවට විකල්ප භාවිත කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවන බවත් අමාත්‍යවරයා පවසා සිටියි.

කොට්න් බඩ්, සෞඛ්‍යමය කටයුතු සඳහා භාවිත කිරීමට පමණක් අවසර හිමි වේ.

ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ වෙයි.

Related posts

ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව: අනුකමිටු නිර්දේශවලට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ජනාධිපති ට කොළඹ අවටින් නිවසක් සොයයි …? – හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ

Editor O

නාමල් රාජපක්ෂගෙන් ඇමති වසන්තට අභියෝගයක්

Editor O

Leave a Comment