දේශීය

ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව: අනුකමිටු නිර්දේශවලට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ලබාදීම සඳහා සොයා බැලීමට පත් කළ කැබිනට් අනුකමිටු වාර්තාවට ඊයේ (අගෝස්තු 30) කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ අනුව, මෙවර අය-වැයේ සිට අදියර හතරකින් පමණ ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙනු ඇත.

මීට අමතරව, ගුරු සේවාව සංවෘත සේවාවකට ඇතුළත් කිරීම ඇතුළු ගුරුවරුන් ඉල්ලා සිටි තවත් කරුණු සැලකිල්ලට ගෙන කැබිනට් අනුකමිටුව විසින් ඉදිරිපත් කළ තවත් යෝජනා 12කට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් Zoom ඔස්සේ මෙම කැබිනට් රැස්වීම පැවැත්විණි.

Related posts

අරගලය පාලනය කළ මමත්, මැතිවරණයෙන් පරාද වුණා. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

විසල් හම්බන්තොට ව්‍යාපෘතිය නිසා නිවාස අහිමිවූවන්ට ඉඩම්

Mohamed Dilsad

තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment