දේශීය

කොවිඩ් රෝගියෙකු නිසා පොල්හේන හෝටල් සේවකයින් නිරෝධායනයට

(UTV |මාතර ) – මෙරටට පැමිණි රුසියානු ජාතික පුද්ගලයෙකු නිරෝධායනය වෙමින් සිටිය දී සිදුකළ දෙවන PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

මේ සමග ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.

එම පුද්ගලයා පසුගිය දා මත්තල ගුවන්තොටුපොළින් මෙරටට පැමිණ ඇති අතර ඔහු සමග තවත් පුද්ගලයින් 13 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

රුසියානු ගුවන් යානයක කාර්ය මණ්ඩල සේවකයෙක් වන මෙම පුද්ගලයා ආසාදිතයෙක් ලෙස තහවුරු වීමත් සමග මාතර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඔහුව රෝහල් ගත කළේය.

මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එරාජ් වීරසුරිය මහතා පැවසුවේ එම රුසියානු ජාතිකයින් පිරිස මාතර, පොල්හේන ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිට ඇති බවයි.

මේ නිසා එම ස්ථානයේ සේවයේ නියුතුව සිටි කාර්ය මණ්ඩලය ද PCR පරීක්ෂණය හා නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි වාර්තා වේ.

 

Related posts

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක්

Mohamed Dilsad

වැසි තත්ත්වයේ අඩුවක්

Mohamed Dilsad

Leave a Comment