විදෙස්

අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ චීන සංචාරය අවලංගු කරයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් චීනයේ සිදු කිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කර තිබේ.

 

වසර ගණනාවකට පසු දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු ඉහළ මට්ටමේ සකච්ඡාව සඳහා සහභාගී වීමේ අරමුණින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිතව තිබුණි.

 

කෙසේවෙතත් අමෙරිකාවට ඉහළ අහසේ චීන බැලුනයක් පියාසර කරවීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය චීන සංචාරය අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අදාළ බැලුනය ඔත්තු බැලීම සඳහා යොදවා ඇති බවට චෝදනා කරන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, එය සිය රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කර තිබේ.

Related posts

අමෙරිකාව රුසියාව ගැන දැඩි තීරණයක් ගනී

Mohamed Dilsad

දකුණු කොරියාවේ මහ මැතිවරණයෙන් ජනපතිගේ පක්ෂයට විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

ඇමරිකාවේ අධික ශීතල හේතුවෙන් ගුවන් ගමන් වාර 2000 ක් අවලංගුයි…

Mohamed Dilsad

Leave a Comment