විදෙස්

දකුණු කොරියාවේ මහ මැතිවරණයෙන් ජනපතිගේ පක්ෂයට විශිෂ්ඨ ජයක්

(UTV | දකුණු කොරියාව) – පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් මහතාගේ පාලක පක්ෂය විශිෂ්ඨ ජයක් ලබාගෙන තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂය ආසන 300 කින් 163 ක්ම ජයග්‍රහණය කර ඇති බවයි.

මුන් ජේ ඉන්ගේ පාලක පක්ෂය තවත් ආසන 17 ක් ජයග්‍රහණය කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවද එම වාර්තා තවදුරටත් දැක්වේ.

කොරෝනා වසංගතය පාලනය කිරමේදී දකුණු කොරියා ජනාධිපතිවරයා ගත් පියවර මෙම දැවැන්ත ජයග්‍රහණයට හේතුවී ඇති බව සඳහන්.

කොරෝනා වසංගත තත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වූ එකම රට දකුණු කොරියාවයි.

Related posts

කැනඩාව, ඉන්දියානු සහ පාකිස්තාන ගුවන් ගමන් නවතයි

Mohamed Dilsad

වගා ළිඳක සිරවී සිටින දරුවාගේ ප්‍රතිචාර නවතී

Mohamed Dilsad

යේමනයේ බස් රථයකට ප්‍රහාරයක්. දරුවන් ඇතුළු 43 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment