විදෙස්

දකුණු කොරියාවේ මහ මැතිවරණයෙන් ජනපතිගේ පක්ෂයට විශිෂ්ඨ ජයක්

(UTV | දකුණු කොරියාව) – පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් මහතාගේ පාලක පක්ෂය විශිෂ්ඨ ජයක් ලබාගෙන තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂය ආසන 300 කින් 163 ක්ම ජයග්‍රහණය කර ඇති බවයි.

මුන් ජේ ඉන්ගේ පාලක පක්ෂය තවත් ආසන 17 ක් ජයග්‍රහණය කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවද එම වාර්තා තවදුරටත් දැක්වේ.

කොරෝනා වසංගතය පාලනය කිරමේදී දකුණු කොරියා ජනාධිපතිවරයා ගත් පියවර මෙම දැවැන්ත ජයග්‍රහණයට හේතුවී ඇති බව සඳහන්.

කොරෝනා වසංගත තත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වූ එකම රට දකුණු කොරියාවයි.

Related posts

ෆ්ලෝරෝනා ආසාදිතයෙකු පළමුවරට ඊශ්‍රායලයෙන් සොයා ගැනේ

Mohamed Dilsad

ටජ්මහල ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි අධිකරණය කියයි

Mohamed Dilsad

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයක් යුරෝපා නායකයින් හෙළා දකී

Editor O

Leave a Comment