විදෙස්

වගා ළිඳක සිරවී සිටින දරුවාගේ ප්‍රතිචාර නවතී

(UTV |ඉන්දියාව) – ඉන්දියාවේ මානප්පරෙයි ප‍්‍රදේශයේ අතහැර දැමූ වගා ළිඳක කුහරයක් තුළ සිරවී සිටින අවුරුදු දෙකක් වයසැති දරුවා මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බව ඉන්දීය බලධාරීන් පවසයි.

කෙසේ වෙතත් මේ දක්වා ප‍්‍රතිචාර දක්වමින් සිටි ‘සුජිත් විල්සන්’ නැමති මෙම දරුවා මේ වනවිට ප‍්‍රතිචාර නොදක්වන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් කුහරයට අඛණ්ඩව ඔක්සිජන් සපයමින් ඇති නමුත් කැනීම් කණ්ඩායම විශ්වාස කරන්නේ දරුවා සිහිසුන් වී ඇති බවයි.

පැය 40 කට අධික කාලයක් තිස්සේ දරුවා මෙම කුහරය තුළ සිර වී සිටි.

විදෙස් මාධ්‍ය සහ අන්තර් ජාලය හරහා මේ සම්බන්ධයෙන් ප්‍රචාරය වීමත් සමඟ ලොව බොහෝ දෙනාගේ අවධානය මේ සඳහා යොමුව තිබේ.

මෙම මෙහෙයුම සඳහා මේ වනවිට විශේෂ කණ්ඩායම් ද එක්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

දරුවා අඩි 70 ක් පමණ ගැඹුරේ සිර වී සිටින බව තහවුරු වී ඇති අතර දරුවා බේරා ගැනීම සඳහා තවත් කුහරයක් සෑදීමට කැනීම් ආරම්භ කර තිබේ.

එහිදී දරුවා සිර වී සිටින කුහරයට මීටර් 03 ක් දුරින් අඩි 100 ක් ගැඹුරු කුහරයක් කැනීම මෙහි අරමුණයි.එතැන් සිට මීටරයක පළලකින් යුත් උමගක් කැනීම සැලසුම වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

Mohamed Dilsad

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විරෝධයක්.

Editor O

යුරෝපා කලාපයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළට

Mohamed Dilsad

Leave a Comment