දේශීය

අඛණ්ඩ විදුලි උත්පාදනයට තවත් බාධාවක්

විදුලි නිෂ්පාදනය සඳහා අද (01) සිට අමතර ජලය මුදාහැරීමේ හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය පවසයි.

 

ඒ අනුව සාමාන්‍ය පරිදි විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජල ප්‍රමාණය පමණක් ලබා දෙන බව මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

 

විදුලි උත්පාදනය සඳහා බලාගාර ආශ්‍රිත ජලාශවලින් තවදුරටත් අමතර ජලය මුදාහැරීම සම්බන්ධයෙන් පසුගියදා මහජන උපයෝගීතා කොමිසම එලෙස ඉල්ලීමක් කර තිබුණි.

 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ,

 

“අප වෙත මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණා.. විදුලි නිෂ්පාදනය සඳහා ජලය වැඩිපුර ලබාදෙන්න කියලා. ඊයේ සහ අද සැලකියයුතු වර්ෂාවක් අපි මහවැලි ගංඟා ද්‍රෝනිවලට බලාපොරොත්තු වුණා. නමුත් එම වර්ෂාපතනය මේ වෙනකොට උතුරු පළාත පැත්තට බරව තමයි ගමන් කරන්නේ. ඒ නිසා විදුලි නිෂ්පාදනය කරන්න අපි ඊයේ සහ අද ලබාදීලා තිබුණ ජල ප්‍රමාණය තරමක් දුරට අඩු කරලා.. සාමාන්‍ය පරිදි ජලය ලබාදීමට කටයුතු කළා.”

 

 

 

Related posts

හදිසි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් බලපෑම් එල්ල වූ ධීවරයින්ටත් 5000 දීමනාව

Mohamed Dilsad

ගංජා ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

Leave a Comment