දේශීය

වික්ටෝරියා නූලන්ඩ් දිවයින ට

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

 

නූලන්ඩ් මහත්මිය ඊයේ (31) රාත්‍රියේ දිවයිනට පැමිණි බව මෙරට අමෙරිකානු තානාපතිනි ට්විටර් සටහනක් තබමින් පැවසුවාය.

 

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වසර 75 ක් සපිරීම සනිටුහන් කිරීම මෙන්ම මෙරට ආර්ථික ස්ථාවරත්වය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සිදුකරන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය සහාය අඛණ්ඩව ලබාදීම වික්ටෝරියා නූලන්ඩ් මහත්මිගේ මෙරට සංචාරයේ අරමුණ බව සඳහන්ය.

 

 

Related posts

ජාතික උද්‍යාන , උද්භිද උද්‍යාන , සත්වෝද්‍යාන විවෘත කෙරේ

Mohamed Dilsad

මිලියන 16 කට අධික සෞඛ්‍ය උපකරණ කට්ටල තොගයක් කොළඹ මහනගර සභාව වෙත

Mohamed Dilsad

හරිනි වහාම ඉවත් කරන්න | ඉහළ තැනකින් ජනාධිපති ට දැනුම්දීමක්

Editor O

Leave a Comment