දේශීය

ජාතික උද්‍යාන , උද්භිද උද්‍යාන , සත්වෝද්‍යාන විවෘත කෙරේ

(UTV | කොළඹ ) – අද (15) සිට කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ මාස 3 කට ආසන්න කාලයක් වසා දමා තිබූ මෙරට ජාතික උද්‍යාන , උද්භිද උද්‍යාන සහ සත්වෝද්‍යාන යළි විවෘත කෙරේ.

ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව යාල, විල්පත්තුව, උඩවලව, මින්නේරිය, කවුඩුල්ල සහ හෝර්ටන් තැන්න ඇතුළු ජාතික උද්‍යාන 7 ක් සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බවයි.

රජය විසින් නැවත විවෘත කිරීමේදි අනුමත කර ඇති මාර්ගෝපදේශ, සංචාරකයින්, සංචාරක මග පෙන්වන්නන් සහ සෆාරි ජිප් රථ රියදුරන් තරයේ පිළිපැදිය යුතු බවයි වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජාතික උද්‍යාන තුළට ඇතුළු වීමට අවසර ලබාදෙන වාහන සංඛ්‍යාව සීමා කිරීමට ද පියවර ගෙන ඇති අතර ඒ අනුව යාල සහ උඩවලව ජාතික උද්‍යාන වලට දිනකදී ඇතුලූ කළ හැකි උපරිම වාහන සංඛ්‍යාව 150 කි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට වාහන 80 ක් සහ මින්නේරිය, කවුඩුල්ල සහ වස්ගමුව ජාතික උද්‍යානවලට වාහන 50 ක් බැගින් ඇතුලු කල හැකියි.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට සංචාරක කණ්ඩායම් 50 ක් සහ පරවි දූපත ජාතික උද්‍යානයට දිනකට බෝට්ටු 50 ක් ලෙස සීමා පැනවීමටයි වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

අනෙකුත් ජාතික උද්‍යාන සඳහා සීමා කිරීම් පණවා නොමැති බව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට මහාධිකරණ නිගමනයක්

Mohamed Dilsad

සහල් මිල පහළට

Mohamed Dilsad

පිටකොටුවේ නාට්ටාමිවරුන් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment