දේශීය

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට මහාධිකරණ නිගමනයක්

(UTV | කොළඹ) – නිදහස් සන්ධාන රජය සමයේ සතොස සේවකයින් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට කොළඹ මහාධිකරණය අද (15) නිගමනය කර ඇත.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් පසුගිය රජය සමයේ අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු 03 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබුණි.

නඩුව ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ගොනු කර තිබුණ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර තිබූ අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා තීන්දු කරනු ලැබීය.

එම නියෝගයට එරෙහිව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණය හමුවේ ද ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබූ අතර , එම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගත් මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කලේ අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ ඇති ආකාරය නීතියට පටහැනි බවයි.

 

Related posts

රටපුරා10,000ක් දෙනා නිරෝධායනය සදහා යොමු කෙරේ.

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ, වඳුරු උණ වැළඳී දෙදෙනෙක් ජීවිතක්ෂයට

Editor O

දුම්රිය සේවයෙන් පිරිසක් විශ්‍රාම යද්දී දුම්රිය ගමන්වාර රැසකුත් නතර වෙයි

Mohamed Dilsad

Leave a Comment