විදෙස්

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ රත්‍රං උස්සපු හොරු

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක විසින් මිලදී ගත් රත්‍රං තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කළුතර උතුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

බ්‍රිතාන්‍ය ජාතික, ලින්ඩා බ්‍රව්මන් නැමැති 75 හැවිරිදි කාන්තාවක විසින් ඊයේ (28) රාත්‍රි 11ට පමණ එම පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණි.

 

අදාළ කාන්තාව කළුතර උතුර සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ඇත.

 

ඇය විසින් ත්‍රිරෝද රථයකින් අලුත්ගම ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවි සැලකින් රන් ආභරණ තොගයක් මිලදී ගෙන තිබුණි.

 

එහි වටිනාකම ස්ටර්ලිං පවුම් 18,500ක පමණ බව ඇය විසින් පොලීසියට පවසා ඇත.

 

සංචාරක කන්තාව පොලීසියට වැඩිදුරටත් පවසා ඇත්තේ, සංචාරක මඟ පෙන්වන්නන් ලෙසින් කටයුතු කළ දෙදෙනෙකු රන් ආභරණ ලබාගත් බවටය.

 

රන් භාණ්ඩවල වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ අසු තුනකට අධික බවද සදහන් වේ.

 

පැමිණිලිකාර කත එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ පදිංචි කාරියක බවත් ඇය සති දෙකකට පෙර ලංකාවට පැමිණ ඇති බවත් සඳහන් වේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

යුරෝපය පුරා අධික ශීත කාලගුණය තවදුරටත්

Mohamed Dilsad

ඉන්දියාවේ හිටපු ජනපතිටත් කොරෝනා

Mohamed Dilsad

කොරෝනා වෛරසය වැළැක්වීමට ඇමරිකානු කණ්ඩායමක් චීනයට

Mohamed Dilsad

Leave a Comment