Trending News

යතුරුපැදියක් ගිලන්රථයක ගැටෙයි

සුවසැරිය ගිලන්රථයක යතුරුපැදියක් ගැටීමෙන් හිටපු ග්‍රාම නිලධාරිවයෙකු සහ පස් හැවිරිදි ගැහැනු දරුවෙකු බරපතළ තුවාල ලබා ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි.

 

නවගත්තේගම – කිරිමැටියාව ප්‍රදේශයේ දී අවමඟුල් උත්සවයකට සහභාගීවීම සඳහා යතුරුපැදියකින් ගමන් ගත් 74 හැවිරිදි හිටපු ග්‍රාම නිලධාරිවරයෙකු සහ ඥාති දියණියකගේ පස් හැවිරිදි දැරියක් මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

 

යතුරුපැදිකරු නවගත්තේගම සිට ගල්ගමුව දෙසට ගොස් නැවත නවගත්තේගම දෙසට යතුරුපැදිය හැරවීමට යාමේදී ආනමඩුවේ සිට ගල්ගමුව දෙසට ගමන් කරමින් තිබූ සුවසැරිය ගිලන්රථයේ ගැටී තිබේ.

 

එම ගිලන්රථයේ ද රෝගියෙකු සිට ඇතැයි අප වාර්තාකරු පැවසීය.

 

යතුරු පැදිකරුගේ තත්ත්වය බරපතළ බැවින් ගල්ගමුව මූලික රෝහලේ සිට අනුරාධපුර ශික්ශණ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු සිදුකරන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

 

ගිලන් රථයේ රියදුරු ද අනතුරෙන් තුවාල ලබා ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පස් හැවිරිදි දියණිය ද ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

 

අනතුර සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

Avengers 4: New theory posits Doctor Strange is alive

Mohamed Dilsad

රූබෙල්ලා සහ සරම්ප එන්නත් වැඩ සටහනේ පළමු දින 05 තුළ නිවාස 90,000ක් ආයතන 2,000ක් ආවරණය කරයි

Editor O

இன்றும் பல மாகாணங்களில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

Leave a Comment