දේශීය

දුම්රිය සේවයෙන් පිරිසක් විශ්‍රාම යද්දී දුම්රිය ගමන්වාර රැසකුත් නතර වෙයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් අද (31) දිනයේදී විශ්‍රාම ගැනීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 44ක් මේ වනවිට අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

 

අද දිනයේදී සමස්ත කාර්ය මණ්ඩලයෙන් 500 කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම ගත් අතර මින් දුම්රිය ධාවනයට සෘජුව සම්බන්ධ විශාල පිරිසක් සිටින බව වාර්තා විය.

 

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක්, ප්‍රධාන මාර්ගයේ 23 ක්, පුත්තලම මාර්ගයේ 7 ක්, කැලණිවැලි මාර්ගයේ 2 ක් ඇතුළු සමස්ත ගමන්වාර 44 ක් අද දිනයේ මේ දක්වා අවලංගු කර ඇති බව සඳහන් ය.

 

කොන්ත්‍රාත් පදනම මත අත්‍යවශ්‍ය සේවකයින් රඳවා ගන්නා ලෙස පාලනාධිකාරිය දැනුම්දුන්න ද දැනට කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින්ට වැටුප් ගෙවීමක් සිදුකර නොමැති බවද වාර්තා වෙයි.

 

මේ හේතුවෙන් අද දිනයේ විශ්‍රාම ගත් කාර්යමණ්ඩල සාමාජිකයින් කොන්ත්‍රාත් පදනමට අන්තර්ග්‍රහණය කළ ද ඔවුන් ඊට අකමැත්ත පළ කළ බව වාර්තා විය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය වෘත්තිය සමිති පෙන්වාදෙන්නේ මෙම ගැටළුව පිළිබඳව අවස්ථා ගණනාවකදී දුම්රිය බලධාරින් දැනුවත් කළ ද ඊට නිසි විසදුම් ලබාදීමට ඔවුන් අපොහොසත් වී ඇති බවය.

 

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් දුම්රිය ධාවනය අඩපණ වනු ඇති බවද දුම්රිය වෘත්තිය සමිති සඳහන් කළේය.

Related posts

අනුරාධපුර බැංකුවක් අසල වෙඩි හුවමාරුවක්

Mohamed Dilsad

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

පාසල්වල සිසුන් වැඩියෙන් වතුර බිව්වොත් ආණ්ඩුව බිල ගෙවන්නේ නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක්

Editor O

Leave a Comment